මෙරටින් කව්රුත් නොසිතූ භයානක තත්වයක්.. PHI සංගමය කළ අනතුරු ඇගවීම.

Upul rohana srilankan health
By Sithumi Feb 27, 2022 04:25 PM GMT
Report

කොවිඩ් 19 වෛරසය පැතිරීමේ අවදානමක් මෙරට තුළ ඉදිරියේදී විශාල වශයෙන් මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ රට තුළ සංගීත සංදර්ශන ඇතුළු සමාජ ඒකරාශීවීම් ඊට හේතුවී ඇති බවයි. මේ හේතුවෙන් එන්නතට ප්‍රතිචාර නොදක්වන කොවිඩ් ප්‍රභේදයක් වර්ධනයවීමේ වැඩි හැකියාවක් ඇති බව ඒ මහතා පෙන්වා දෙයි

. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා, “සංඛ්‍යාත්මකව රෝගීන් පැතිරයාම අපිට වාර්තා නොවුනට පැතිරයාම ඉතාමත් ඉහළ තත්ත්වයක ලංකාව ඇතුළේ තියනවා කියන එක පෙන්න තියෙනවා.

මේකේ තියන විශාලතම අවදානම තමයි අපේ වැනි එන්නත්කරණය ඉහළ රටක් ඇතුළේ මෙවැනි වසංගතයක් නිරායාසයෙන් පැතිර යාමට ඉඩ හැරීමෙන් කොයි මෙහොතේ හෝ අපි සියලුදෙනාටම හානිකර එන්නතට ප්‍රතිචාර නොදක්වන ප්‍රභේදයක් වර්ධනයවීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා මේ අවදානම කොයි මොහොතේවත් ඇති කර ගත යුතු නෑ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now