ඉදිරියේදි තෙල් මිලෙහි වෙනසක්..? හේතුව මෙන්න..

By Sithumi Apr 11, 2022 02:05 PM GMT
Report

ෂැංහයි නුවර කේන්ද්‍ර කොටගෙන නැවතත් කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් චීනයේ ඉල්ලුම පහත වැටීමේ අවදානම නිසා, ලෝක වෙළඳපොලේ තෙල් මිලෙහි අඩුවීමක් අද දක්නට ලැබුණා

. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 2.4කින් පමණ පහත වැටී සටහන් වූයේ ඩොලර් 100යි ශත 31ක් ලෙසයි.

ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිලද සියයට 2.6කින් පහත වැටී බැරලයක් ඩොලර් 95යි ශත 75ක් ලෙස සටහන් වුණා.