ඉන්ධන පිරවුම්හලක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

srilanka Petroliom
By Sithumi Apr 08, 2022 02:15 PM GMT
Report

හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක් අසල ඇති වු උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින් පියවර ගෙන තිබුණි. 

 සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ සංචිතයේ ඩිසල් ඉන්ධන තබා ගනිමින් වාහන වලට නිකුත් නොකරන බවට චෝදනා කරමින් පොලිම් වල රැදි සිටි රියදුරන් එම ඉන්ධන පිරවුම්හලේ සේවකයින් සමග ඇති වු බහින් බස් විමක් දුර දිග යාමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති විය. 

පසුව හැටන් පොලිසියේ නිලධාරින් ඩිසල් ඉන්ධන ලබාදෙන බවට පොරොන්දු විමත් සමග ඇති වු උණුසුම් තත්ත්වය සමථයකටකරනු ලැබුහ.