ඔක්ටේන් 95 පෙට්රල් මිල එකවරම රුපියල් 20කින් ඉහළට
Lanka IOC
Petrol diesel price
Latest Headlines
Sinhala news
SriLanka - Puwath
By R.rishma
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) විසින් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව, මීට පෙර රුපියල් 475ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 495ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙම මිල සංශෝධනය ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන අතර, ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන පිරවුම්හල්වලින් නව මිල ගණන් යටතේ ඉන්ධන ලබාගැනීමට සිදුවනවා.
කෙසේ වෙතත්, මෙම මිල සංශෝධනය ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් සඳහා පමණක් අදාළ වන බවයි වාර්තා වන්නේ.