ජනතා විමුක්ති පෙරමුණට බලය ගියහොත් පෙට්‍රල් ලීටරයක මිල මෙන්න..මන්ත්‍රීවරයෙක් ගෙන් දැනුම්දීමක්..

Fuel Price In Sri Lanka Janatha Vimukthi Peramuna Samagi Jana Balawegaya
By Aruna Jan 03, 2024 12:32 AM GMT
Report

දේශපාලනය තේරෙන කිසිවකුත් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ නොවන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කර සිටිනවා.

ජනතා විමුක්ති පෙරමුණ තුළ දේශපාලනය තේරෙන කිසිවකු නැති බවත් එහි සිදුවන්නේ ලිපිගොණු තබාගෙන බොරු චෝදනා කිරීම පමණක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔවුන්ට පාලන බලය ලැබුණහොත් රට හදන වැඩපිළිවෙල කුමක්දැයි මෙතෙක් පැහැදිලිව ප්‍රකාශ කර නැති බවත් රට හදන්නේ කැට හොලවලාද නැතහොත් සමාගම් වලින් කප්පම් අරගෙනදැයි පැහැදිලි කළ යුතු බවයි හෙතෙම ප‍්‍රශ්ණ කරන්නේ.

මරික්කාල් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටින්නේ, වැරදිලා හෝ ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ගියහොත් පෙට්‍රල් ලීටරයක් රුපියල් 600 ඉක්මවා මිලක් නියම වනු ඇති බවත් කතා කිරීමෙන් අයිතිය පවා අහිමිවනු ඇති බවයි.

සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා.

                                                                                               Sponsored By Sarrita Jewellery