ඉන්ධන පිරවුම් හලකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරයි..

Police spokesman Sri Lanka Police Bomb Blast
By Aruna Apr 12, 2024 05:20 AM GMT
Report

කඩුවෙල කොරොතට ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම් හලකට අද අලුයම පෙට‍්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ ඉන්ධන හල වසා දමා තිබී ඇති අතර මාර්ගය අයිනේ යතුරු පැදිය නවතා අදාළ ප්‍රහාරය එල්ල කර ඇතත් එය පුපුරා ගොස් නැති බවයි පැවසෙන්නේ.

අදාල ඉන්ධන පිරුම්හලේ හිමිකරුගේ නිවස ඉදිරිපිට දැනට මාස කිහිපයකට පෙර වෙඩි තබා බිය ගැන්වීමේ සිදුවීම මේ හා සම්බන්ධයක් ඇති බවටයි, පොලිසිය සැක කරන්නේ.

පොලිසිය තවදුරටත් කියා සිටින්නේ, විදේශගතව සිටින පාතාල ජාවාරම්කරුවකු කප්පම් ඉල්ලා මෙසේ ව්‍යාපාරිකයන්ට තර්ජනය කරන බවත් එම කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා කුලී මැරයන් යොදා මෙසේ තර්ජනය කරමින් සිටින බවයි.