උපකුලපතිට පහරදීම පහරදීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගත් දැඩි පියවර..!
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ විද්‍යා ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමට එරෙහිව එළඹෙන 13 වනදා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීරණය කර තිබේ.
එනම්, ඊයේ (10) රාත්‍රියේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් හිටපු උපකුලපති භූ භූවිද්‍යා ජේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවසට ඇතුළු වී පහරදීමක් සිදුකර තිබුණා.
එම සිද්ධියෙන් පසු මහාචාර්ය වරයා සහ ඔහුගේ පුත්‍රයා රෝහල් ගත කර ඇති අතර මහාචාර්ය වරයාගේ නිල නිවසට ඇතුළු වී පහර දෙන අයුරු සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා
පොලීසිය පැවසුවේ ඊයේ (10) රාත්‍රී මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම එම සිදුවීමට හේතුවී ඇති බවය.
එම සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්‍රී 10ට පමණ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූවිද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවස ඉදිරිපිටදීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |