පේරාදෙණි පාලමෙන් තරුණයෙක් මහවැළියට පනියි..
Sri Lanka Police
Sri Lanka
By krishani
මහනුවර - පේරාදෙණිය නගරයේ පාලම මතින් මහවැලි ගඟට පැන තරුණයකු අතුරුදන්ව ඇති බව වාර්තා වන අතර එම පුද්ගලයා ගඟට පනින ලද ස්ථානයේ තිබී ගමන් මල්ලක් ද හමු වූ බව පොලිසිය පවසයි.
එහි තිබී ජාතික හැඳුනුම්පතක්, විශ්වවිද්‍යාල හැඳුනුම්පතක්, ලැප්ටොල් එකක්, බැංකු කාඩ් පත් 2ක්, විභාග ප්‍රවේශ පත්‍රයක්, මුදල් පසුම්බියක් හා පාවහන් යුගළක් සොයාගෙන ඇති අතර මෙලෙස ගඟට පැන ඇත්තේ බුළුගහපිටිය - ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන අයෙකු වේ.
ආරංචි මාර්ග පවසන්නේ මොහු පේරාදෙණි විද්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ තෙවැනි වසර සිසුවකු බවයි.
පොලිස් ජීවිතාරක්ෂක නිලධාරින්, නාවික හමුදා ජීවිතාක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරත ව සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |