එකම දතක්වත් නොමැති අය ගැන දැනුම්දීමක්

By Sewvandhi Mar 23, 2024 12:12 PM GMT
Report

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසන්නේ, මෙරට වැඩිහිටි ජනගහනයෙන් 12% කට මුඛයේ එකම දතක්වත් නොමැති බවයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම තත්ත්වය විශාල ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඒ අනුව දත් ආරක්ෂා කර ගැනීම, මුඛ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම පිළිබදව දැනුවත්කිරීම පෙර පාසලේ සිටම ආරම්භ විය යුතු බවයි.