පැය 55ක දැවැන්ත මෙහෙයුම - අවසානයේ සිදුවූ දේ - (VIDEO)

By Sewvandhi Jan 09, 2024 01:52 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

පැය 55ක කාලයක් ස්ලෝවේනියාවේ භූගත ගුහාවක සිරව සිටි පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමට කිමිදුම්කරුවන් 6 දෙනෙකුගෙන් සමන‍්විත විශේෂිත කිමිදුම් කණ්ඩායමක් සමත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එසේ බේරාගත් 5 දෙනා යහපත් ශාරිරික සහ මානසික සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

එනම් මෙහිදී, පතිත වූ අධික වර්ෂාවෙන් භූගත ගුහාව තුළට ජලය ගලා ඒමෙන් එම ගුහාව නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් සහ ඔවුන්ගේ මාර්ගෝපදේශකයා එහි සිරවී තිබුණි.

ඔවුන් සිරවී තිබු‍ණේ ගුහා දොරටුවේ සිට සැතපුම් 1.3ක දුරකිනි. මෙම සිදුවීම මාධ්‍ය ඔස්සේ වාර්තා වූ විට බොහෝ දෙනෙක්ගේ මතකයට නැගුණේ 2018 වසරේ ජූනි මාසයේ තායිලන්තයේ දී ළමුන් පිරිසක් සිය පාපන්දු පුහුණුකරු සමග ගුහාවක් නැරඹීමට ගොස් ඒ තුළ සිරවීමේ සිද්ධියයි. ඔවුන්ව බේරාගනු ලැබුවේ සති 2කට පමණ පසුවය.

Sponsored By Sarrita Jewellery

පැය 55ක දැවැන්ත මෙහෙයුම - අවසානයේ සිදුවූ දේ - (VIDEO) | People Trapped In An Underground Cave In Slovenia