විදෙස්ගත 485 කගේ විශ්‍රාම වැටුප අත්හිටුවයි.

Sri Lankan Peoples Department of Pensions
By Gagana Apr 16, 2024 10:41 AM GMT
Report

විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩ ව ලබා ගැනීම සඳහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගනු ඇත.

2022 වසරේදී වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් 2,833 කුගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා තිබු අතර ඉන් මෙතෙක් සිය ජීවිත සහතිකය අලුත් කරගෙන ඇත්තේ 1,250කු පමණ ය.

එමෙන්ම, 2023 වසරේ දී වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් 1,061කගේ විශ්‍රාම වැටුප තාවකාලික ව අත්හිටුවා තිබුණු අතර, ඉන් 576 දෙනකු සිය ජීවිත සහතිකය අලුත් කරගෙන ඇත.

2024 වර්ෂයට අදාළ වලංගු ජීවිත සහතික ලබානොදීම හේතුවෙන් විදේශගත විශ්‍රාමිකයන් 485 කගේ විශ්‍රාම වැටුප තාවකාලික ව අත්හිටුවා තිබේ.

කෙසේ වෙතත් ,එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වලංගු ජීවිත සහතික ලබා නොදීම මත මෙලෙස ඔවුන්ගේ විශ්‍රාම වැටුප තාවකාලිකව අත්හිටුවා ඇති බවත්, එය නැවත සක්‍රිය කර ගැනීම සදහා අදාළ සහතික විශ්‍රාමිකයා පෞද්ගලිකව ම තානාපති කාර්යාලය වෙත ලබා දිය යුතු බවත් ය.

🟢එමෙන්ම,ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික කර ගත හැකිය.