බසයෙන් ඇද වැටුණු මගියා එම බසයටම යටවී අවසන් ගමන් යයි..

Sri Lanka Police Jaffna Sri Lanka Police Investigation Accident
By Sewvandhi Feb 24, 2024 03:40 PM GMT
Report

යාපනය පොලිසිය සඳහන් කළේ,යාපනය පේදුරුතුඩුව මාර්ගයේ නල්ලූර් ප්‍රදේශයේ දී පේදුරුතුඩුව දෙස සිට යාපනය දෙසට ධාවනය වු බස් රථයක පා පුවරුවේ ගමන් කල මගියෙකු බස් රථයෙන් බැසීමට උත්සහා කිරිමේදි බස් රථයෙන් බිමට වැටි එම බස් රථයේ පිටුපස රෝදයට යට වී බරපතළ තුවාල ලැබු මගියා යාපනය රෝහලට ඇතුලත් කිරිමේන් පසු මියගොස් ඇති බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 31 වු නල්ලූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මෘත ශරිරය යාපනය රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්තඩංගුවට ගෙන තිබේ. යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .