පිය පුතු දෙපළටම දිවි අහිමි කළ පස්සර ඛේදවාචකය..

Sri Lanka Accident
By Sewvandhi Mar 22, 2023 09:56 AM GMT
Report

 පස්සර පොලීසිය සදහන් කලේ, මොනරාගල මාර්ගයේ පස්සර 3 කණුව ප්‍රදේශයේදී ඊයේ (21) පස්වරු 3.00ට පමණ යතුරුපැදියක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කළ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ බවයි.

මෙලෙස අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ පියෙක් සහ ඔහුගේ පුතා ය. ඒ පස්සර මීදුම්පිටිය ගලබඩවත්ත පදිංචි මනෝහරන් ඩිල්ෂාන් (19) සහ ආරුමුගම් මනෝහරන් (50 ) යන දෙදෙනාය.

යතුරුපැදිය පැදවූ ඩිල්ෂාන් සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර පසුපැදිකරුවූ ආරුමුගම් බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (22) උදෑසන ජීවිතක්ෂයට පත්වුණි.

පස්සර සිට මොනරාගල බලා ධාවනය වෙමින් තිබු ලොරියක් තවත් ලොරි රථයක් පසුකරයාමට උත්සාහ කිරීමේදී ප්‍රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියේ ගැටී තිබුණි.මේ අනතුර සම්බන්ධයෙන් ලොරි රථ දෙකේම රියදුරන් පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now