මුළු රටම කම්පා කළ අඳුරු දිනය අදයි..

Reliance Sri Lanka
By Aruna Apr 21, 2024 01:53 AM GMT
Report

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර 05ක් සපිරෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ එය සිහිපත් කරමින් කොච්චිකඩේ සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පෙරහැරක් වීථි සංචාරය කරනු ලැබීය.

ඒ වෙනුවෙන් සංවිධාන වූ සිහිකිරීමේ වැඩසටහන් මාලාව ආරම්භ වූයේ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජාවකින්.

2019 වසරේ අප්‍රේල් 21 වනදාට යෙදුණු පාස්කු ඉරුදිනයේ සහරාන් හෂීම් ප්‍රමුඛ මිලේච්ඡ අන්තවාදීන් කණ්ඩායම් දිවයිනේ ස්ථාන 08කදී මරාගෙන මැරෙන ප්‍රහාර 10ක් සිදුකළේ මුලු රටම කම්පාවට පත්කරමිනි.

එහිදී පුද්ගලයින් 273 දෙනකුගේ ජීවිත අහිමි වුණා.

තවත් 500කට අධික පිරිසක් බරපතළ තුවාල ලැබූ අතර, ඇතැමුන් තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නැති අතර ඇතැමුන් ආබාධිත තත්ත්වයට පත්ව තිබේ.

ඊයේ පස්වරුවේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගය අගරදගුරු පදවියේ සහායක රදගරු අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ඊට ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය සමීපතමයින් අහිමි වු ඥාතීන් හා තුවාල ලැබුවන් පිරිසක් එක් ව සිටියේ ය.