ජනතාවට නැති සහන පාර්ලිමේන්තුවට මොකටද? ඔන්න පාර්ලිමේන්‍තුවේ ආහාර මිල ගණන් වෙනස් වෙයි..
පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබදව පසුගිය කාලයේ බොහෝ දෙනෙකු අතර වැඩි වශයෙන් කතා බහ කෙරුණා.
එහිදි වැදගත්ම කාරණය වූයේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙකු ඊට ඇතුළත් වන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද හේතුවෙන් බව බොහෝ දෙනා පැවසීමත් සමගයි.
මෙහිදී පාර්ලිමේන්තුවේ කෑම ගැනත් පසුගිය කාලයේ වැඩි වශයෙන් කතා බහ කෙරුණා. ඒ නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගෙන්ම එල්ල වුණු චෝදනා නිසා.
කොහොම වුණත් ඉතාම අඩු මුදලකට වටින ආහාර වේලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදයක් විදියට.
කොහොම නමුත් මෙම මිල ගණන් සංශෝදනයක් පිළිබදව බොහෝ දෙනාගේ කතා බහට ලක්ව තිබෙනවා.
ඒ අනුව රුපියල් 100ක්ව පැවති උදෑසන ආහාර වේල 300ක් ද රුපියල් 600ක්ව පැවති දවල් ආහාරය රුපියල් 600ක් ලෙසද වෙනස් වනු ඇති.
එමෙන්ම 50ක්ව පැවැති තේ පානය සහ කෙටි කෑම රුපියල් 200ක් වනු ඇති බවයි වාර්තා වන්නේ.