ලබන 5 වෙනිදා සිට 7 වෙනිදා දක්වා කරන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම..

Parliament of Sri Lanka Sri Lanka Parliament Latest Headlines Decision Making
By krishani Mar 02, 2024 12:44 PM GMT
Report

ලබන 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත් වේ.

ලබන 5 වෙනිදා සිට 7 වෙනිදා දක්වා කරන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම.. | Parliament Will Be Held On March 05 06 And 07

නමුත් 08 වැනි සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවේ.

ඒ බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව 09.30ට පාර්ලිමේන්තුව රැස් වේ.

එදින පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වෙන්ව ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වන අතර අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 4.30 දක්වා පසුගිය පෙබරවාරි 20 වනදා දෙවන වර කියවීමේ විවාදයට ගෙන කල්තබන ලද සුරක්ෂිත ලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවන දිනටත් විවාදයට ගෙන මීළඟ දිනට කල්තැබීමට නියමිතව තිබෙනවා.

පසුව ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට තීරණය කර ඇත.

මාර්තු 6 වන බදාදා පෙ.ව 9.30 - පෙ.ව 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.00 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර තිබෙනවා.

එදින පෙ.ව 10.30ට පමණ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ දැනට පවතින 2024.02.03 දිනැති අංක 2369/58 දරන ගැසට් පත්‍රය කල් ඉකුත්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ගැසට් පත්‍රයේ සඳහන් නියමය ද එදින විවාදයකින් තොරව අනුමත කරගැනීමට නියමිත ය.

පසුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, පෙර දින විවාදයට ගන්නා ලද සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තෙවන දිනටත් විවාදයට ‍ගැනීමට නියමිත ය.

එදින සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත් (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට ද තීරණය කර ඇත.

පසුව ධීවර අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත සීනෝර් පදනම, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි වාර්ෂික වාර්තා ත්‍රිත්වයකට අදාළ යෝජනාවන් විවාද කිරීමෙන් තොරව අනුමත කරගැනීමට ද තීරණය වී ඇති අතර ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.

ලබන 5 වෙනිදා සිට 7 වෙනිදා දක්වා කරන්න යන දෙයක් ගැන කළ දැනුම්දීම.. | Parliament Will Be Held On March 05 06 And 07

මාර්තු 7 වන බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් වී තිබෙනවා.

පසුව ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය විසින් ඒකාබද්ධව ගෙනෙන යෝජනාවක් ලෙස “වනජීවීන් හේතුවෙන් සිදුවන වගා හානිය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට ද තීරණය වී ඇති බව සඳහන් ය.

මේ අතර, ඊයේ (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කර ඇත්තේ කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහබැංකුවේ නිලධාරීන් ලබන 5 වනදා පෙ.ව 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමටයි.