විපක්ෂනායක අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි..(UPDATE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Mahinda Yapa Abeywardena Sri Lanka Politician
By Aruna Jan 11, 2024 04:54 AM GMT
Report

Update 

පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු පිරිසක් එක් වී පසුගිය දිනෙක වරායේ දැමූ සාදය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (11) පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමක් සිදුකළා.

එහිදී විපක්ෂ නායකවරයා සඳහන්කර සිටියේ, ජනවාරි මාසයේ පාසල් දූදරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර අවලංගු කර ඇති මොහොතක, වැට් බදු නිසා ජනතාව විවිධ තාඩන පීඩනවලට ලක් ව ඇති මොහොතක පිරිස එකතු වී දැමූ මෙම සාදය සඳහා වරාය විෂය සම්බන්ධ අමාත්‍යවරයකු විසින් ලිඛිත අවසර පවා ලබා දී ඇති බවයි.

විපක්ෂනායක අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි..(UPDATE) | Parliament Of Sri Lanka 2024 01 11

රට බංකොලොත් වී ඇති මොහොතක මත්පැන්, මෙන්ම වරායේ ආපන ශාලාවෙන් පවා කෑම ලබා ගෙන රටට අයිති නාවුක යාත්‍රා භාවිත කර ඉන්ධන වැයකර මුහුද මැද සාද දැමීම සිදු කළ හැකිද යන ගැටලුව පැන නගින බවයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන්කර සිටියේ.

විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ , රතු පලස් පවා භාවිතා කරමින්, ජනතාවගේ මුදල් මෙලෙස අවභාවිතය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

................................................................

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න..(LIVE)

අද(11)කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, එහි සජීවි දර්ශන පහතින් නරඹන්න,


Sponlsored By Sarrita Jewellery

විපක්ෂනායක අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි..(UPDATE) | Parliament Of Sri Lanka 2024 01 11