තවත් 10ක් විපක්ෂයට!!.මඟුල් ගෙදරක යනවා කියූ අයෙකු මහබැංකු අධිපත් ධූරයට...(VIDEO)
ඉතාම ඉක්මනින් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය අහිමි වනු ඇති බව සමගි ජන බලවේගය සඳහන් කරනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ, දැනට ආණ්ඩු පක්ෂයේ ස්වාදීනව කටයුතු කරන තවත් මන්ත්‍රී කණ්ඩායමක් ලඟදීම විපක්ෂයට එක්වීමට නියමිත බවයි.
ඒ සමගම ආණ්ඩුවෙන් සරල බහුතරය අහිමි වීම ස්ථිර බව ද හෙතෙම කියා සිටියේය.
ආණ්ඩුවේ දැනට ස්වාධීනව සිටින මන්ත්‍රීවරුන් දහ දෙනකු පමණ ඉතා ඉක්මනින් විපක්ෂයේ අසුන් ගනු ඇති බවත් ඒ සමගම ආණ්ඩුවේ මන්ත්‍රි සංඛ්‍යාව උපරිමව 110 බවට පත්වනු ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඉන් පසුව එම කණ්ඩායම් සියල්ල සමග එක්ව විශේෂ සාකච්ඡාවක් පවත්වා සුදුසු දේශපාලන පියවරයන් තීන්දු කරන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මේ අතර වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා එම ධුරයෙන් ඉවත්කර මඟුල් ගෙදරක යනවා කියා රටින් පලාගිය හිටපු මහ බැංකු අධිපතිවරයෙකු පත්කිරීමට සූදානම් වන්නේ දැයි සැක සිතෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.
මහබැංකු අධිපතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයෙන් තවත් ගජමිතුරකු මහ බැංකු අධිපති ධුරයට පත්කිරීමට සූදානමක් ඇති බව යයිද ඔහු පැවසීය.
මහ බැංකුව කොල්ලකෑ අධිපතිවරයා යළිත් එම ධුරයට ගෙන ඒමේ සූදානමක් ඇති බවද හෙතෙම දුරටත් කියා සිටියේ ගාල්ල අක්මීමන දී පැවති ජනහමුවක් අමතමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |