අද පාර්ලිමේන්තුව විශේෂ වෙයි.. සියලු විස්තර මෙතනින් බලන්න..(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By Aruna
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊයේ විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ පාර්ලිමේන්තු සභා ගර්භයේ නව අසුන් පැනවීම අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට ජ්‍යෙෂ්ඨත්වය අනුව අසුන් පැනවීම සිදු කෙරෙනු ඇති.
මේ වනවිට විපක්ෂයට මන්ත්‍රීවරුන් 103 දෙනෙකු සිටින බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉදිරියේදී නව සභාපතිවරයෙකු පත් කර ගන්නා බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |