වැඩි වූ විපක්ෂ සාමාජිකයන් ගණන සම්බන්ධයෙන් දේශපාලන ප්‍රබලයෙක් කීව කතාව..

Parliament of Sri Lanka Sri Lanka Parliament
By krishani Aug 31, 2022 02:58 PM GMT
Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම ඇතුළු එම පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනෙකු අද(31) පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගනු ලැබුණී.

මන්ත්‍රීවරුන් 109 දෙනෙකු විපක්ෂයේ අසුන්ගෙන ඇති බවත් 115 දෙනෙකු ආණ්ඩු පක්ෂයේ මේ වනවිට අසුන් ගෙන ඇති බවත් පාර්ලිමේන්තු පුස්තකාල වාර්තා පෙන්වා දෙයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ විපක්ෂයට මේ වනවිට මන්ත්‍රීවරුන් 103 දෙනෙකු සිටින බවත් එම පිරිසට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු ද ඇතුළත් බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join