අද පාර්ලිමේන්තුව විශේෂ වෙයි..මේ සතියේ කරන්න යන දේ මෙන්න..(LIVE)

Parliament of Sri Lanka Sri Lanka
By Aruna Jun 21, 2022 04:55 AM GMT
Report

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට යලි රැස් වුණා.

මෙම සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කෙරෙන පක්ෂ නායක රැස්වීමක්ද අද පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වෙන දින ගණන සීමා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකයින් එහිදී සාකච්ඡා කර තීරණයකට එළඹීමට නියමිතව තිබෙනවා.

ඒ, අනුව බොහෝ දුරට මෙම සතියේ පාර්ලිමේන්තුව අද සහ හෙට යන දිනයන්හි පමණක් රැස්වී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රැස්වීම් අවලංගු කිරීමට පක්ෂ නායකයන්ගේ අවධානය ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

සජීවී විකාශනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now