මන්ත‍්‍රීන් රැසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි? ඔවුන් කරන්න යන දේ මෙන්න.

Sri Lanka Parliament Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe
By Aruna Mar 31, 2022 05:50 AM GMT
Report

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පක්ෂයට සහයෝගය ලබා දීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

ඔවුන් ආණ්ඩු පක්ෂයට සහාය ලබා දීමෙන් ඉවත් වුවද විපක්ෂයට එක් නොවී තවදුරටත් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇතැයි ද වාර්තා වනවා.

මෙම පිරිස ඉවත් වීමත් සමග බොහෝ දුරට ආණ්ඩුවේ සරල බහුතරයද අභියෝගයකට ලක් විය හැකි අතර එය න්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු මත පමණක් තීරණය වනු ඇති බවද සඳහන් වෙයි.

රට තුළ ඇති වී තිබෙන ඉන්ධන ගෑස් විදුලි අර්බුදය මත තම ආසන වලට යාමට නොහැකි මහජන නියෝජිතයන් තම ඡන්දදායකයන්ගේ විරෝධය හා බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගැනීමට බල කෙරී ඇත.

දැනටමත් කාලයක් තිස්සේම බොහෝ මන්ත්‍රීන් තම ආසන වලට නොයා කොළඹ නිල නිවාස වල නැවතී සිට ඇති බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now