පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ කෑම වට්ටෝරුව වෙනස් වෙයි - රස බොජුන් වෙනුවට ජනපති එක් කළ නවතම ආහාර..
Parliament of Sri Lanka
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Sri Lanka Economic Crisis
Sri Lanka Cabinet
By Sithumi
සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබෙනවා.
වන රක්ෂිත වල වැවෙන කොස් ඵලදාව නෙලා ගැනීම සඳහා රක්ෂිත වලට ඇතුළු වීමට ජනතාවට අවසර ලබා දිය යුතු බවට වන යෝජනාවක් කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ යෝජනාව ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවටත් කොස්, දෙල්, අල, බතල ආහාර සඳහා ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙසයි.
වන රක්ෂිත වල හටගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යාම අපරාධයක් බව අමාත්‍ය මහින්ද අමරවීර ඉහත යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |