ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කෙරේ.(LIVE)
අද දින උදෑසන 10.00ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා.
මේ වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාද විවාද සිදු කෙරෙමින් පවතී.
මේ අතර තුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද පැමිණ තිබෙනවා.
මේ අතර ජනපතිගේ පැමිණීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින් බලන්න.
මේ අතර ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවේදී රැස්වී සාකච්ඡා කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බවට වාර්තා වනවා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මෙම කණ්ඩායම් 3 ස්වාධීන වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සංයුතිය සැළකිය යුතු ලෙස වෙනස් වී තිබෙනවා.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ බහුතරය තවමත් පවතින්නේ ආණ්ඩුව සතුවයි.
වත්මන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ පැවති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 159ක්.
කථානායකවරයාද ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති බැවින් එම සංඛ්‍යාව පසුව සැළකුණේ 158ක් ලෙසින්.
පෙරේ දා පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 41 දෙනකු ස්වාධීන වීමට තීරණය කරනු ලැබුවා.
ඒ අනුව මේ වනවිට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව 117 දක්වා අඩු වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
