නව මන්ත්‍රී ධුරයක් සමඟ පාස්කු ප්‍රභාරය විවාදයට ගනිමින් අද පාර්ලිමේන්තුව ආරම්භ වූයේ මෙලෙසින්. - (LIVE VIDEO)

Parliament of Sri Lanka Mahinda Yapa Abeywardena Easter Attack Sri Lanka
By Wayomi Apr 24, 2024 04:45 AM GMT
Report

විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ දින තුනක සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට පාර්ලිමේන්තුව අද (24) රැස් වුණා.

පෙ.ව. 10:30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනෙන අතර පෙ.ව. 10.30 සිට පෙ.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ‍ගෙනෙනු ලබන යෝජනාවකට අනුව, පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

නව මන්ත්‍රී ධුරයක් සමඟ පාස්කු ප්‍රභාරය විවාදයට ගනිමින් අද පාර්ලිමේන්තුව ආරම්භ වූයේ මෙලෙසින්. - (LIVE VIDEO) | Parliament Begins With A New Mp

මේ අතර පාර්ලිමේන්තු ආරම්භයේම කථානායකවරයා ඉදිරියේ නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, එම්. ජී. වීරසේන ගමගේ මහතා , අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්. නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා.