අද පාර්ලිමේන්තුව රටටම විශේෂ වෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE/UPDATE)
Update
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා පාර්ලිමේන්තුව අද (22) විනාඩියක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියල්ලෝම සිය ආසනයෙන් නැගිට ශෝකය පළ කිරීමට එක්ව සිටියහ.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ඉරාන ජනාධිපතිවරයාගේ අභාවය වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළ යුතු බවට පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.
..............................................................
අද පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
මේ අනුව, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත මෙන්ම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
දැනට ගැසට් කර ඇති ආර්ථික පරිවර්තන කෙටුම්පත මගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අහෝසි කර ආර්ථික කොමිෂන් සභාවක් ඇතුලු ආයතන 5 ක් පිහිටුවීමට යෝජිත බවයි පැවසෙන්නේ.
අද උදෑසන 9.30ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.