රජයෙන් ලැබෙන අලුත්ම සහනය - හැබැයි ලැබෙන්නෙ මෙන්න මේ පිරිසට විතරයි..
                                    
                    Mahinda Amaraweera
                
                                                
                    Sri Lanka Politician
                
                                                
                    Government Of Sri Lanka
                
                                                
                    Ministry of Agriculture
                
                                                
                    Latest Headlines
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    මෙවර මහ කන්නයේ දී ගොවීන් 4,000කට රුපියල් ලක්ෂ 40ක් වටිනා පැරෂුට් තවාන් තැටි 25%ක සහනාධාර පදනම යටතේ ලබා දීමට තීරණයක් ගෙන තිබෙනවා.

ඒ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇත්තේ.
ගොවි ජනතාවට නව කෘෂි තාක්ෂණය හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ යටතේ ගොයම් පැළ සිටුවීම සඳහා මෙම පැරෂුට් තැටි භාවිතා කිරීම හඳුන්වා දී තිබෙනවා.
කෙසේ වෙතත්, වී වගාව සඳහා පැරෂුට් තැටි භාවිතය මගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි වේ.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    