අලුතින් පත්වූ සභාපතිව පන්නා දමයි..

Sri Lanka
By Sithumi Jan 12, 2023 03:54 PM GMT
Report

අද (12) පාදුක්ක පානළුව රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සේවයේ නිරතව සිටියදී තමන් නව සභාපති ලෙස පවසමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ අත්සනින් යුතු ලිපියක්ද රැගෙන ආ පුද්ගලයෙකු එම සංස්ථාවේ වෘත්තිය සමිති එක්වී එම ස්ථානයෙන් පළවා හරිනු ලැබීය.

කෙසේවෙතත් සභාපතිවරයා තනතුරින් ඉවත්කළ බවට දන්වා ෆැක්ස් පණිවිඩයක් අමාත්‍යවරයා නිකුත් කර තිබේ.

මේ අතර තමන්ට දීමනා ලබාදෙන ලෙස බලකරමින් විදේශ සේවා නියුත්ති කාර්යංශයේ සේවකයින් එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරීවරයාව ඔහුගේ කාමරය තුළ රඳවාගැනීමට කටයුතු කර තිබුණි.

පසුව එහි සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් මැදහත්වී තත්ත්වය සමනය කිරීමට කටයුතු කරනු ලැබීය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now