අද සිදුවූ බිහිසුණු කේඩීයූ අනතුර ගැන බදුල්ල රෝහලේ අධ්යක්ෂවරයා තැබූ සංවේදි සටහන...(PHOTOS)
බදුල්ල රෝහලේ පාලිත රාජපක්ෂ කියලා කියන්නේ බොහෝ දෙනෙක් අතර ඉන්න වෛද්‍යවරයෙක්. ඔහු රෝගීම් වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවෙන වෛද්‍යවරයෙක්.
ඔහු මේ වන විට බදුල්ල රෝහල් අධ්යක්ෂවරයා විදියට කටයුතු කරනවා. අද සිදුවූ බදුල්ල අනතුර අවස්ථාවේදිත් ඔහු එම ස්ථානයට පැමිණ තිබුණා.
සෑම අවසතාවකම මෙන්ම ඔහු මෙවරත් මෙම අන්තුර අවසතාවේ ජීවිත බේරා ගැනීමේ දරුණු ප්රයත්නයක යෙදී සිටිනවා ඒ අතර තුර අනතුර අවස්ථාවේ සිදුවූ දේ ගැන ඔහු තැබූ සටහන පහතින්,
මෙක ලියන්ඩම ඔනි කතාවක් ..
ඔව් ලියන්ඩ ම ඔනි... අන්තිමට එලියට ගත් සිසුවා.. ඔහු මුදාගන්ඩ ගත් මහන්සිය .. මම උඩට නැගල ජනේලයෙන් ඇතුල බැලුව ... කොල්ලෝ ටිකක් යකඩත් එක්ක පොරකනව.
. තව කොල්ලෙක් යකඩ අස්සේ හිරවෙලා හුස්ම යදිනව.. මාත් ඇතුලට රිංගුවේ ජනෙලෙන්.. හිරවුනු දරුවාගෙ මුහුන මුදාගත්තෙමි.. එයගේ අත් මුදාගත්තෙමි .. කොල්ලෝ හිරවුනු පපුව ,කකුල් මුදාගන්ඩ සටනක..
සිසුවාගේ නහයෙන් කටින් ලේ ගලනව.. තව වැඩි වෙලාවක් නැතිබව මට තේරෙනව .. උපරිම ශක්තිය යොදාගෙන ලෙඩා මගේ පපුව උඩට ගත්තෙමි... කොල්ලෝ ටික මම කියනදේ එලෙසින්ම කලේය .. සියල්ලම එක්ව මුලු වැරයොදා සීට් කඩා දැමුවෙමු.. මොනව කරන්ඩත් ඇතුලේ ඉඩ මදිය..
කොල්ලෝ අලවංගු ගෙන සීට් කැඩුවේ යක්කු මෙනි.. අවසානයේදි කකුල් ඇබරිලා සිරවී තිබුනේ යකඩ අස්සේය.. ඉක්මනින් ගමු මේක මැරෙයි මම කිව්වෙමි... වැඩේ හරිය කකුල්ද ගලවා ගත්තෙමු... උඩදීම ඔක්ෂිජන් දීල පහලට ඇරියෙමු.. ඇතුලටගියාට එලියට එමට හෙන ගේමක් දුන්නෙමි. කොල්ලෝ මටත් තල්ල්වක් දුන්නේය.. පැයක පමන උත්සාහය පලදැරුවේ....රටක් වටින...රත්තරන් ... කොල්ලෝ ටිකක් නිසාය...
නුබටලට හිමි ගරුත්වය මා කෙලෙස දෙන්නද?
ඇත්තට උබලා යක්කුමය...මටනම් යක්කුමය ...
කොන්දෙ තුවාලය 😪😪😪😪😪😪😪😪..
කුලුදුලෙන් බිව් රං කිරේ හයිය මාලග තාමත් ...තියෙනව ...
එකයි මේ හැමදෙයක්ම ..
ඔව් හැම ගැම්මක්ම..
...වෛද්‍ය පාලිත ..