සිසුන් 30කට පන්ති තහනම් කෙරේ..!
Sri Lanka
By Sewvandhi
මත්පැන් පානය කිරීම ඇතුළු විෂමාචාර චෝදනාවලට අදාළව හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ සිසුන් 30 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය, පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීම පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය.
එම අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද එක්වී සිටියේය.
නවකවදය සහ විනය විරෝධී ක්‍රියා පිළිබඳ එල්ලවූ චෝදනා මත හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පසුගිය 19 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |