ඉන්ධන පිරවුම් හලක් උණුසුම් වෙයි - තත්ත්වය පාලනයට වෙඩි තබයි

Sri Lanka Army Sri Lanka Police Sri Lanka Sri Lanka Fuel Crisis
By Sewvandhi Jun 19, 2022 03:37 PM GMT
Report

මතුගම පැලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මේ අතර,අත්‍යවශ්‍ය සේවා නොවන පුද්ගලයින් ඉදිරි දින තුන තුළ පෙට්‍රල් පෝලිම්වල රැඳී නොසිටින ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

පෙට්‍රල් නිකුත් කිරීම ලබන 23 වන දින සිට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියා සිටියේය. ලබන 23 සහ 24 යන දෙදින පෙට්‍රල් සහ ඩීසල් නෞකා ලබාගැනීමට අදාළ ඩොලර් මිලියන 90ක ණයවර ලිපි විවෘත කිරිමට පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

"ඒ අනුව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ පළමු ඇනවුම් දෙක 23 සහ 24 කියන දින දවස් දෙකේ අපිට ලබාගැනීම සඳහා මූල්‍යම වශයෙන් අපි සූදානම්වෙලා තිබෙනවා. මහ බැංකුව විශාල මැදිහත්වීමක් කරලා තියෙනවා. ඒ අවශ්‍ය ඩොලර් මිලියන 90ක පමණ ප්‍රමාණය අපිට මේවන විටත් මහ බැංකුව නිදහස් කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය රුපියල් ප්‍රමාණයත් ඛනිජතෙල් සංස්ථාව සහ මහභාණ්ඩාගාරය මැදිහත්වෙලා ලබාගෙන තිබෙනවා.

නමුත් අපි මේ පිළිබඳව නිශ්චිතවම මම නැවත වතාවක් කියන්නේ, පළමු වතාවට මේ ගනුදෙනු කරන සැපයුම්කරුවන් එක්ක කටයුතු කිරීමේදී පළමු නෞකාව ලබාගැනීම ඉතාමත් අභියෝගාත්මකම කටයුත්ත වෙන්නේ. ඒ නිසා අපි සුබවාදීව ධානාත්මකව අපි විශ්වාස කරනවා 23, 24 කියන දින දෙකේ පෙට්‍රල් සහ ඩීසල් නෞකා දෙකක් ලබාගැනීමේ අරමුණෙන් තමයි අපි ඒ කටයුත්තේ යෙදිලා සිටින්නේ.

ඒ නිසා විශේෂයෙන්ම අපිට තිබෙන ඩීසල් තොග අප බලාපොරෙත්තු වෙනවා ඉදිරි දින 10 පමණ ප්‍රමාණය කිසිම ගැටලුවකින් තොරව වෙනදාට වැඩිය වෙළෙඳපොළට නිකුත්කරමින් මේ තිබෙන තදබදය ඉවත්කිරීම සඳහා අපිට පුළුවන්කම ලැබෙයි කියලා. පෙට්‍රල් සඳහා අපි විශේෂයෙන්ම අවධානය යොමුකරලා තිබෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now