විශ්වාසභංගයෙන් අගමැතිට පුටුව අහිමි වෙයි..ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූ දේ මෙන්න.

Political Pakistani Imran karn
By Aruna Apr 10, 2022 01:00 AM GMT
Report

පකිස්ථාන දේශපාලන ඉතිහාසය තුළ විශ්වාසභංග යෝජනාවකින් පරාජයට පත්ව සිය අසුන අහිමි වූ පළමු අග්‍රාමාත්‍යවරයා බවට එරට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉතිහාසයට එක් වනවා.

ඒ ඊයේ (09) හිටපු අග්‍රාමාත්‍ය ඛාන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව එරට පාර්ලිමේන්තුව විසින් විවාදයට ගැනුණු අවස්ථාවේ දී ඔහුට එරෙහිව වැඩි ඡන්ද ප්‍රමාණයකින් එය සම්මත වීමත් සමගයි.

පකිස්ථාන පාර්ලිමේන්තු සභාවේ දී ඛාන්ට එරෙහිව වූ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීම පැවැත්වූ අතර, ඔහුට එරෙහිව ඡන්ද 174ක් වාර්තා වුණා.

ඒ අනුව අගමැතිට එරෙහිව පකිස්ථාන දේශපාලන ඉතිහාසයේ ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවක් සම්මත වූ පළමු අවස්ථාව ද මෙයයි.

නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කරගැනීම උදෙසා රැස්වන පාර්ලිමේන්තුව අද (10) දින පස්වරු 02කට රැස්වීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now