දකුණු ආසියාවේ දෙවැනි වැඩිම උද්ධමනය ගැන ලෝක බැංකුව කියයි.

Pakistan
By krishani Mar 17, 2023 02:37 AM GMT
krishani

krishani

in ලෝකය
Report

ශ්‍රී ලංකාවට පසුව දකුණු ආසියාවේ ඉහළම උද්ධමනය පාකිස්ථානයෙන් වාර්තා වන බව ලෝක බැංකුව වාර්තා කළේ ය.

ඒ අනුව මෙම වසරේ පෙබරවාරි මාසයේ දී පාකිස්ථානයේ උද්ධමනය 45.1% ක් ලෙස වාර්තා වී ඇත.

දකුණු ආසියාව තුළ පරිභෝජනය සඳහා පවතින ආහාර ද්‍රව්‍ය මෙම වසර ආරම්භයේ සිටම ඉතා වේගයෙන් අඩු වෙමින් පවතියි.

තිරිඟු පිටි 20% සිට 140% දක්වා වූ වාර්තාගත ලෙස මිල ඉහළ යාමක් පෙන්නුම් කර ඇති අතර පසුගියදා පාකිස්ථානයට බලපෑ ගංවතුර තත්ත්වයත් සමග ආර්ථිකයට වූ අහිතකර බලපෑම්, පොහොර ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගන්නා යෙදවුම්වල හිඟතාවය හා ඒවායෙහි මිල ඉහළ යාම් එරට උද්ධමනය ඉහළ යාමට දැඩි බලපෑමක් එල්ල කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.