බස්රථයක් පෙරළීමෙන් 40ක් ජිවිතක්ෂයට (විදෙස්)

Pakistan Accident
By Sewvandhi Jan 29, 2023 01:12 PM GMT
Report

පාකිස්ථානයේ  බස් රථයක් පෙරළී ගින්නට හසුවීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති බවට විදෙස් වාර්තා සඳහන් කළා.

ඒ, පාකිස්තානයේ නිරත දිග ප්‍රදේශයේ මාර්ගයක තිබූ පාලමකින් බස් රථය පෙරලීමෙන් අනතුරුව ගිනි ගැනීමට ලක් වීමෙනුයි.

මියගිය පුද්ගලයින්ගේ සිරුරුහදුනාගැනීමට නොහැකි වන පරිද්දෙන් පිළිස්සී ගොස් තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මඟීන් 48 දෙනෙකු බස් රථයේ ගමන්කර ඇති අතර ඉන් 03 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති බවයි පාකිස්ථානු බලධාරින් ප්‍රකාශ කළේ.

බසය පාලමේ තිබූ බාධකයක වැඳී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now