මේ මට ලැබුණු තුන්වෙනි සම්මානය, ලොකු වෙලා දක්ෂ නිලියක් වෙන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව-පහන්දි නෙතාරා (PHOTOS )

SL Actress Gossips
By Sithumi මාස 1 කට පෙර

කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ මිනා හෙවත් මිනායාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන කවුරුත් ආදරය කරන හරිම හුරුබුහුටි කටකාර, දඟකාර දක්ෂ ළමා නිළියක් තමයි පහන්දි නෙතාරා කියලා කියන්නේ. ඒ වගේම ඇය මෑතකදී සම්බන්ධ වුණු අලුත්ම නිර්මාණය තමයි අක්ෂි කියලා කියන්නේ

. ඉතින් ඇයගේ දක්ෂතාව නිසාම ඇය මෙවර සුමති සම්මාන උළෙලේදී 2021 වසර වෙනුවෙන් හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඒ වගේම වෙළෙඳ දැන්වීම්, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය අවුරුදු 4දි විතර වෙඩින් එකක මල් කුමාරිට ඉඳලා ඒකෙ දෙවැනි මනමාලයට හිටපු අයියා production house එකක කෙනෙක් නිසා ඔහු ඇයව දැකලා වෙළෙඳ දැන්වීම්වලට කතා කරළා තියෙනවා. ඉතින් ඔහොම තමයි ඇය කලාවට සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම මෙවර සුමති සම්මාන උළෙලේදී 2021 වසර වෙනුවෙන් හොඳම ළමා නිළිය ලෙස සම්මානය ලැබුණු එක ගැන ගොඩක් සතුටුයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ ඇයට ලැබුණු තුන්වැනි සම්මානය කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ අම්මා නිසා තමයිලු ඇයට මේ සම්මාන හැම එකක්ම ලැබුනේ.

Gallery Gallery Gallery Gallery Gallery