යතුරු පැදි එකිනෙක ගැටීමෙන් ඔරුගොඩවත්තේ සිදු වූ බිහිසුණු අනතුර..

Sri Lanka Accident
By Sewvandhi Jan 27, 2023 11:43 AM GMT
Report

ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක මෙහෙයුම් කළමනාකරුවෙකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාලිගාවත්ත හංදියේදී අද (27) අලුයම යතුරුපැදි දෙකක ගැටීමෙන් එක් අයකු මියගොස් පොලිස් නිලධාරීයෙකු ඇතුළු දෙදෙනෙකු බරපතළ තුවාල ලැබූ බව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පැවසීය.

අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙකු ලෙස කටයුතු කළ 52 හැවිරිදි පුද්ගලයෙකි. තුවාල ලබා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් වි. ජෙගනාදන් හා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයෙකි.

දෙමටගොඩ බේස්ලයින් මාර්ගයේ ඔරුගොඩවත්ත හන්දිය අසල අවිස්සාවේල්ල මාර්ගයට යොමු කිරීම සඳහා මාර්ග සංඥා දැල්වෙන තෙක් නතර කර තිබූ යතුරු පැදි දෙකක පිටුපසින් බොරැල්ල දෙස සිට පැමිණි සැකකාර පුද්ගලයා පැදවූ මෝටර් රථය ගැටී තිබුණි.

ඒ සමගම එම යතුරුපැදිය මිටර් හතළිහක් පමණ ඉදිරියට ලිස්සා ගොස් රථ වාහන රාජකාරියෙහි යෙදීසිටි කොස්තාපල්වරයාගේ ඇඟෙහි ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලීසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now