පොලිස්පතිට සහ ජාතික පොලිස් කොමිසමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය.
Sri Lanka Police
Supreme Court of Sri Lanka
By Wayomi
2010 වසරේ පොලිස් පරීක්ෂක තනතුරුවලට උසස් කිරීමේදී ඕපනායක පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු උසස් නොකිරීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
ඒ, අනුව ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් සහ සියලු දීමනා ලබාදෙන ලෙස පොලිස්පතිවරයාට සහ ජාතික පොලිස් කොමිසමට නියෝග කරනු ලැබුවා.
ඒ, එවකට උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ කමලනාත් කොඩිතුවක්කු ගොනු කළ පෙත්සමක තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් කරමින්.
2019 වසරේ ජූලි මස 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි ඔහුව පොලිස් පරීක්ෂක ධුරයට උසස් කළද එම උසස් වීම 2010 වසරේ සිට බලාත්මක කිරීම වගඋත්තරකරුවන් ප්‍රතික්ෂේප කර තිබුණා.
එමගින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි අදාළ පොලිස් නිලධාරියා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනේ.