onmaxDT මහ මොළකරුට සිදුවූ දේ..
Sri Lanka Police
Sri Lanka Police Investigation
By Sewvandhi
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින්, onmaxDT නම් පිරමිඩ මුදල් ව්‍යාපාරයකට මුදල් එකතු කළ ගයාන් චාමර නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුත්කඩේ අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින්, සැකකරු අද (30) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරි විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට සහය දෙන කොන්දේසිය මත සහ රුපියල් ලක්ෂ 25ක මුදල් ඇප 02ක් මත නිදහස් කිරීමට නියෝග කළා.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු කොන්දේසි සහ රුපියල් ලක්ෂ 25ක මුදල් ඇප මත නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.