ONMAX DT හරහා ඩොලර් කෝටි 10ක වංචාවක් කළ පිරිසකට අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න..

Central Bank of Sri Lanka Sri Lanka Police
By Aruna Mar 29, 2023 02:33 AM GMT
Report

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමිඩාකාර මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන පෞද්ගලික (ONMAX DT) ආයතනයක අධ්‍යක්ෂවරුන් හය දෙනකුගේ විදේශ ගමන් තහනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (28) නියෝග කළේය.

ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස විදේශ ගමන් තහනම් කෙරුණේ එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන සම්පත් සඳරුවන්, අතුල ඉන්දික සම්පත්, ගයාශාන් අබේරත්න, මධුරංග ප්‍රසන්න, සාරංග රන්දික, ධනංජය ජයාන් යන අය වේ.

සැකකාර අධ්‍යක්ෂවරුන් සහ සමාගම සතු ගිණුම් 57ක් අත්හිටුවන ලෙස මහේස්ත්‍රාත්වරයා අදාළ බැංකු ප්‍රධානීන්ට නියෝග $ පනතේ 83 වගන්තිය, මුදල් විශුද්ධිකරණ වගන්තිය ප්‍රකාරව සැකකරුවන්ට චෝදනා ගොනු කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලක් අනුව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now