අද හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන විශේෂ අනාවරණයක්..
ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් 160 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබේ. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය සිදුකළ ජෛව සාම්පල පරීක්ෂණවලදීය.
අලුතින් හඳුනාගත් ඔමික්‍රොන් ආසාදිතයින් 160 දෙනා සමග මෙරටින් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අලුතින් හඳුනාගත් ආසාදිතයින් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා, "පරීක්ෂා කළා සාම්පල් 182ක ප්‍රමාණයක්. සාම්පල් 160කම හඳුනාගෙන තියෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත ආසාදිතයින්.
බොහොමයක්ම සාම්පල් අපට හමු වුණේ ගුවන්තොටුපොළ ආශ්‍රිත විද්‍යාගාර හරහා. බහුතරයක් හමුවුණේ ලංකාවෙන් පිටව යනකොට සිදුකළ පරීක්ෂණ මගින්. ඊට අමතරව පැමිණි මගීන්නුත් ඉන්නවා. ඒ රෝගීන් වාර්තාවෙලා තියෙන දිස්ත්‍රික්ක තමයි කොළඹ, ගාල්ල, මාතර, මහනුවර, ගම්පහ සහ ත්‍රිකුණාමලය.
ඉතින් අපි බලාපොරෝත්තු වෙනවා වගේ ඔමික්‍රෝන් ප්‍රභේදය ලංකාවේ ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත්වෙමින් පවතිනවා." මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ වන්නේ 2021 ජනවාරි 29 වනදාය. විවිධ වයස් කාණ්ඩ යටතේ, පළමු එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වූ අතර ඉලක්ක ගත ජනගහනය වූයේ මිලියන 16.2කි.
එහිදී මිලියන 16.1 ක් පළමු එන්නත ලබාගත් අතර, එය ඉලක්කගත ජනගහනයෙන් සියයට 99ක ප්‍රතිශතයකි. දෙවැනි කොවිඩ් එන්නතින්ද මිලියන 16.2ක් වූ ජනගහනයක් ඉලක්ක කෙරුණු අතර එහිදී මිලියන 13.8ක පිරිසක් එන්නත් ලබාගෙන තිබුණි. එය ඉලක්ක කළ ජනගහනයෙන් සියයට 85ක ප්‍රතිශතයකි.
තෙවැනි මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත නිර්දේශ කෙරුණේ මෙරට ජනගහනයෙන් අවුරුදු 20ට වැඩි පිරිසට පමණි. ඒ අනුව ඉලක්කගත ජනගහනය මිලියන 14.5කි. නමුත් අද වනවිට ඉලක්කගත ජනගහනයෙන් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ, මිලියන 4.6 ක් පමණි. එය සියයට 31 ක් තරම් අඩු ප්‍රතිශතයකි.
ලොව පුරා ඔමික්‍රෝන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්තව යන පසුබිමක බූස්ටර් එන්නත තවමත් ලබාගෙන නැති පිරිස සියයට 69 කි. ඒ අනුව මෙරට සියයට 69ක් තවමත් සිටින්නේ අනාරක්ෂිත තත්ත්වයකය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |