භයානක තත්වයක්.. ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය 100% පැතිරෙයි..

Srilanka covid 19 Corona virua Omicron
By Sithumi Feb 14, 2022 01:02 PM GMT
Report

මෙරට තුළ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය 100ක ප්‍රතිශතයක් දක්වාම පැතිර ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකක පිළිබද විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඔහු සදහන් කළේ කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා කිසිවක් නොගෙන මුව ආවරණ පමණක් පැළද නිවෙස් තුළටම වී සිටීමෙන් වෛරසයෙන් ආරක්ෂාවීමට අපෙක්ෂා කිරීම ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය හමුවේ විහිළුවක් වන බවයි. මේ පාර ඔම්ක්‍රෝන්ගෙන් නම් බේරිලා ඉන්න ලැබෙන්නේ නෑ.

ඒ නිසා මේ වෙද්දි එකම එන්නතක් හෝ අරගෙන නොමැති අයට මම ආරාධනා කරනවා අපේ දැඩි සත්කාර ඒකක වලට එන්න එපා වැක්සින් ගහගන්න. අනිත් එක තමයි වැක්සින් ඩෝසස් දෙකම ගහගත්තු අයත් එහෙන් මෙහෙන් අපේ දැඩි සත්කාර වලට පැමිණෙනවා.

හැබැයි බොහොමයක් හොදවෙලා ගෙදර ගියා. අහම්බෙන් එක්කෙනක් දෙන්නෙක්ට වෙන ප්‍රශ්නත් එක්ක ජීවිතය නැති වුණා. හැබැයි මේ වැක්සින් එකට පිං සිද්ද වෙන්න ගොඩක් අය බේරගන්න පුළුවන් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now