මෙරට ඔමික්‍රෝන් අසාදිතයින්ගේ සිග්‍ර වර්ධනයක් - දැඩි අවධානම් තත්ත්වයක්

COVID-19 Sri Lanka Ministry of Health Sri Lanka GMOA Sri Lanka
By Sewvandhi Aug 04, 2022 09:36 AM GMT
Report

රට පුරා නව ඔමික්‍රෝන් ආසාදිත රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ඒ, හේතුවෙන් අවුරුදු 60ට වැඩි නිධන්ගත රෝග සහිත පුද්ගලයන් අතිරේක එන්නත් මාත්‍රාව ලබාගැනීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කළ යුතු බව යි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගීගනගේ සඳහන් කළේ, වඳුරු උණ වසංගතයට මුහුණ දීම සඳහා ද මේ වන විට මෙරට සෞඛ්‍ය අංශ සූදානමින් පසු වන බව යි.

ඊයේ (03) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 122ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එමෙන්ම පෙරේ දා සිදු වූ කොවඩි මරණ 8ක් ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබුවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පිරිමි පුද්ගලයන් 7 දෙනෙකු සහ එක් කාත්තාවක්. මේ අතර, පසුගිය සතිය පුරා මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතුරින් බහුතරයක් අවුරුදු 60ට වැඩි නිධන්ගත රෝග සහිත පුද්ගලයන් බව යි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ අතර ඉදිරියේ දී රට තුළ කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර ඇතුළත් නිවේදනයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now