ඔමික්‍රොන් ප්‍රභේදය ගැන අනතුරු ඇගවීමක්..යලිත් රටවල් වහන්න වෙයි?..
Covid
Corona
Sri Lanka
World
Healthy
Who
Omicron
By Aruna
ඔමික්‍රොන් ප්‍රභේදය ලොව රටවල් රැසක ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.
එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ග්‍රෙබියේසස් සඳහන් කළේ රටවල් 77කින් ඔමික්‍රොන් ආසාදනය වූ රෝගීන් මේ වන විට වාර්තා වන බවයි.
රෝගීන් වාර්තා වීම පාලනය කිරීම සඳහා රටවල් කිහිපයක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් ඇතැම් රටවල් ඔමික්‍රොන් ප්‍රභේදය අවතක්සේරු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
එසේම ඇතැම් රටවල එම වෛරසය ව්‍යාප්ත වී ඇති අතර එය හඳුනාගෙන නොතිබීම ද ගැටලු සහගත බව එම සංවිධානය පෙන්වා දුන්නා.
මෙම තත්ත්වය මත ලොව පුරා කොරෝනා යළි හිස එසවීමේ වැඩි අවදානමක් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩිනම් ග්‍රෙබියේසස් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |