මෙරට තවත් ප්‍රදේශයකින් Omicron ආසාධිතයින් සොයා ගැනේ..
නාවලපිටිය නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ ඔමික්‍රොන් අසාදිතයෙකු හමු වී තිබෙන බව නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු සඳහන් කළා.
අසාදිතයා ඉන්දියානු ජාතිකයෙකු බවත්, ඔහු ශ්‍රි ලාංකික කාන්තාවක් සමග විවාහ වී නාවලපිටිය නවතිස්පනේ හපුගස්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය (28) දින ඉන්දියානු ජාතිකයා නැවත විදේශගත විම සදහා සිදු කරන ලද PCR පරික්ෂණයකදි ඔහු ඔමික්‍රොන් අසාදිතයෙකු බවට තහවුරු විමෙන් පසු එහි සාම්පල් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර තිබෙනවා.
එහිදී ඉන්දියානු ජාතිකයාට ඔමික්‍රොන් වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
අසාදිතයා අවසන් වරට උගන්ඩාවේ සිට මෙරටට පැමිණ ඇති බවත්, අසාදිතයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද PCR පරික්ෂණයකදි අසාදිතයාගේ බිරිදට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වි ඇති බවයි නවතිස්පනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |