Omicron ආසාදිතයින් රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශයන් ගෙන් අනතුරු ඇඟවීමක්..
කොවිඩ් 19 Omicron රෝගීන්ගේ රැල්ලක් මෙරට තුළ ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, මෙම තත්ත්වය මගහරවා ගැනීම සඳහා සෞඛ්‍ය පුරුදු උපරිම ලෙස පිළිපැදීම මෙන්ම බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි.
දෛනික කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තාවීම යම් අඩුවක් පෙන්නුම් කරමින් ඊයේ ආසාදිතයින් 529 දෙනෙකු වාර්තා වුණා. ඔවුන්ගෙන් 528 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වී ඇති අතර, එක් අයෙකු විදේශ ගතව සිට දිවයිනට පැමිණි අය අතුරින් හඳුනා ගැනුණා.
මේ වනවිට, කොවිඩ් 19 ආසාදිතයින් 583,251 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති අතර, ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 559,128 ක්. සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 9,252 ක් බවයි, සෞඛ්‍ය අංශ පැවසුවේ.
මේ අතර, ලොව පුරා පැතිර යන කොවිඩ් නයින්ටීන් ඔමික්‍රොන් ප්‍රභේදය මෙරට තුළ පැතිරීමේ අවදානමක් සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |