මෙරටින් ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් 41ක්..දැඩි අවධානම් තත්ත්වයක්.

Covid Corona Health Sri Lanka Chandima jeewandara Omicron
By Aruna Dec 31, 2021 03:25 AM GMT
Report

ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 41ක් හමු වී ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 45ක් බවයි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසන්නේ .

ඔමික්‍රෝන් නව ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් අතර, එය පළමුවරට ශ්‍රී ලංකාවට ඇතුළු වූයේ, නයිජීරියාවේ සංචාරය කළ කාන්තාවක් හරහා යි.

ආචාර්යය චන්දිම ජීවන්දර මහතා විසින් නිකුත් කළ ටීවිටර් පණිවුඩය පහතින්.

මේ අතර ඊයේ දිනයේ (30) තවත් කොරෝනා ආසාදිතයින් 563ක් සහ නව කොවිඩ් මරණ 18ක්, හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළා.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,962ක් වන අතර,මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 586,746ක් දක්වා ඉහළ ගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery