මෙරට ඔමික්‍රොන් දරුණු යි ! නත්තලට සීමා දැඩි වෙයි !

By Sithumi Dec 18, 2021 05:24 PM GMT
Report

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මේ වන විටත් ලොව පුරා ව්‍යාප්තව තිබෙනවා. ලංකාවටත් මෙහි අවදානම පවතින අතර මෙරටින් ද ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තා වනවා. ඔවුන්ගේ ආශ්‍රීතයින් සෙවීම අසීරු කාරණාවක් බවයි මහජන පරික්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

මේ අතර, ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් නත්තලට පෙර සංචරණ සහ සමාජමය සීමාවන් දැඩි කිරීම පිළිබඳව යුරෝපීය රටවල් අවධානය යොමු කරමින් සිටින බව වාර්තාවනවා. ජර්මනිය, අයර්ලන්තය, ස්විට්සර්ලන්තය සහ ඩෙන්මාර්කය මෙලෙස සීමාවන් දැඩි කිරීමට සැළසුම් කර ඇති අතර, ප්‍රංශය දැනටමත් බ්‍රිතාන්‍යය වැසියන් සඳහා සිය දේශසීමා වසා දැමීමට පියවර ගෙන අවසන්.

ප්‍රංශ අග්‍රාමාත්‍ය ජෝන් කැස්ටෙක්ස් ප්‍රකාශ කළේ, ඔමික්‍රොන් ඉදිරි වසරේ යුරෝපය පුරා අකුණු පහරක් මෙන් පැතිර යනු ඇති බවයි. යුරෝපයේ ඔමික්‍රොන් කේන්ද්‍රය වී ඇති බ්‍රිතාන්‍යයෙන් ඊයේ(17) දිනයේදීත් නව ආසාදිතයන් 93,045 ක් හඳුනා ගැනුනා.