ඕමානය ජනපතිට ලබා දුන් විශේෂ පොරොන්දුව

Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sithumi Jul 01, 2022 02:22 PM GMT
Report

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද (1) පෙරවරුවේ හමු වූ අවස්ථාවේදීය. ඕමාන් තානාපතිවරයා සේවය අවසන් කර දිවයිනෙන් පිටව යෑමට නියමිත අතර ජනාධිපති වරයා හමුවූයේ ඒ පිළිබඳව දැනුම් දීමටය.

ශ්‍රී ලාංකිකයෝ 25,000ක පමණ පිරිසක් මේ වනවිට ඕමානයේ රැකියාවන්හි නිරතව සිටිති. පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමටද සහාය වන ලෙස ජනාධිපතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සයීඩ් අල් රෂ්ඩ් මහතාගේ වසර 08ක සේවා කාලයේදී ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳවද සාකච්ඡා කළේය.

තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට නියමිත බවත් දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට එහි සිටද කටයුතු කරන බවත් රෂ්ඩ් මහතා ජනාධිපතිවරයා සමග සඳහන් කළේය. මේ අවස්ථාවට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතාද සහභාගී විය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now