සෝභිත හිමි ගෝඨාභයගේ හොඳ කියයි.. අරගලය වෙනත් මුහුණුවරක් ගනී..

Galle Face Protest Gotabaya Rajapaksa Ranil Wickremesinghe Omalpe Sobitha Thero
By Aruna Jul 22, 2022 07:02 AM GMT
Report

අරගලය සදහා හිට්ලර් හා පොල්පොට්ගේ විසදුම් ජනතාව බලාපොරොත්තු නොවන බවත් අරගල කරුවන් වෙත අමානුෂිත අන්දමින් පහරදීම තමන් හේලා දකින බවත් දක්ෂිණ ලංකානව් ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය‍.

ඇඹිලිපිටියේදී මාධ්‍ය හමුවක් කැදවමින් උන් වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

අරගල කරුවන් නිරායුධව ඉන්නා අවස්ථාවක දරුණු ත්‍රස්තවාදීන්ට පහරදෙන ආකාරයෙන් පහරදීම හා පලවා හැරීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි.

ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයාවත් මේ අයට කිසිදු පහරදීමක් සිදු නොකල අතර රනිල් ජනාධිපති වීමත් සමග අරගලයට පහරදීම නින්දිත ක්‍රියාවක් බවද උන් වහන්සේ කීය.

මේ ජනාධිපතිවරයාට මේ වන විට පදවියෙන් පසු කිසිම රටකින් සුබපැතුමක්වත් එක්කර නොමැති අතර ඒ හේතුවෙන් කෙසේ විදේශ සහයෝගය ලබාගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බවද උන් වහන්සේ කීය.‍

තවමත් රනිල් වික්‍රමසිංහට කාලය තිබෙනවා.

පොහොට්ටුවේ කිසිවෙකු මේ පාලන ත්‍රන්ත්‍රයට ගැලපෙන්නේ නැහැ.

ඔවුන්ගෙන් තොර සර්වපාක්ෂික රජයක් බිහිකල යුතුයි පසුව රට ස්ථාවර කිරීමට ඡන්දයක් පැවැත්විය යුතුයි.

අරගලයට දේශපාලනය මුහුණුවරක් දීම හේතුවෙන් අරගලය වෙනත් දිසාවකට ගමන් කරන්න උනා.

ඒ හේතුවෙන් තමයි අපිත් කිව්වේ අපි ඒවගේ කාරණා සමග එක් නොවන බව.

– ඇඹිලිපිටිය_ප්‍රගීත් ජනක


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now