ලෝකයේ උපහාස මැද කඩා වැටීම් වලින් නැගිටුණු ඔලිම්පික් ධාවන ශූරිය...
මේ දිනවල ලෝකෙම කතාබහට ලක්වෙන මාතෘකාව බවට ඔලිම්පික් පත්වෙලා. මෙවැනි තත්වයක ඔලිම්පික් හා සම්බන්ධ සුවිශේෂි කතාවක් කියන්න තමයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ දැඩි ලෙස හිත ශක්තිමත් ධාවන ශූරියකගේ කතාවයි.
ඇයගෙන් අපේ ජීවිතේට ගන්න තියෙන පණිවිඩයනම් ඉතාම සුවිශේෂියි. ඇය නමින් ඇලිසන් ෆේලික්ස්. ඇය සිය ධාවන දිවියේ හොදම කාලය අතරතුර ගැබ් ගන්නවා. ඇයට බොහෝ දෙනා යෝජනා කරන්නේ ඇගේ දරු ගැබ ගබ්සා කර තරගයට මූලිකත්වය ලබා දෙන ලෙසයි.
නමුත් ඇය එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කරන්නේ මවක් වීමේ උතුම් අවස්ථාව හිමි කර ගැනීමටයි. මෙව් හේතුවෙන් ඇයට අනුග්‍රාහකත්වය දැක්වූ සාමගම් ඇය සමග තිබූ වෙළද ගිවිසුම පවා කප්පාදු කරනවා. කෙසේවෙතත් ඒ අනුව ලෝකයම ඇගේ ක්‍රීඩා දිවිය අවසන් බවට තීරණය කරනවා.
කෙසේවෙතත් ඉන් මාස 7කට පසුව ඇය දියණියක් බිහි කරනවා. නමුත් ඉන් ඇගේ තරග දිවිය නිමා වුණේ නැහැ.
ඇය නැවත ඇගේ පුහුණුවීම් සිදු කරනවා. එමෙන්ම ඇය ඇගේම ධාවන සපත්තු සන්නාමයක්ද නිර්මාණය කරනවා.
ඉතින් ඇගේ ආත්ම ශක්‍තිය ඇයව දිනවනවා. වගේම ලෝකෙම අවදානය ඇයට ලබා දීමට සමත්වෙනවා.